Getty Images, Getty Images

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි 28 වන දා 2 ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැ. 2) නියම කළේ ය.

මෙම නඩුකරය ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්‍රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර කළේ ය.

මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව මෙහිදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළහ.

'විත්ති පාර්ශවය අවශ්‍ය ලේඛන ලබා දෙන්න'

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊළග නඩු දිනයට පෙර විත්ති පාර්ශවය වෙත අවශ්‍ය කරන ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියම කළේ ය.

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා 2027 ජනවාරි 28 වන දා කැඳවන ලෙස නියම කර සිටියේ ය.

මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන නම් කර තිබේ.

Fin de වැඩිපුරම කියැවූ

2015 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත.

තවත් සොයා බලන්න

කෙටි වීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

වසර 7ක් අඩාළව පැවති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවයි

මහ බැංකු බැඳුම්කර: 'අර්ජුන, රවි සහ අර්ජුන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නෑ'

බැඳුම්කර ගනුදෙනුවලට වසර 10යි: අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකි ද?

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?

අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

¿Qué es lo que estás haciendo?

ප්‍රධාන පුවත

වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියම වෙයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ කාන්තාවකට පොලිසියෙන් පහරදීමක්: ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොස්තාපල්ට දුන් තීන්දුව

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනා මොනවා ද? කාර්ශවයේ ප්‍රතිචාරය කුමක් ද?

විශේෂාංග

ජනප්‍රිය ලිපි